'ශ්‍රීලනිපයට අසාධාරණයක් වෙන්න දෙන්නේ නෑ' - ඇමති ෆයිසර් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 26, 2016

'ශ්‍රීලනිපයට අසාධාරණයක් වෙන්න දෙන්නේ නෑ' - ඇමති ෆයිසර්

'ශ්‍රීලනිපයට අසාධාරණයක් වෙන්න දෙන්නේ නෑ' - ඇමති ෆයිසර්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිවිටෙක අසාධාරණයක් වීමට ඉඩ නොතබන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, නීතීඥ ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා බියගම ප්‍රාදේශීය සභාවේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී අදහස් දක්වමිනි. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, "පළාත් සභා සහ පළාත් පාලන ඇමතිවරයා විදියට, පළාත් පාලන ආයතනවල ක්‍රියාකාරීත්වය පිළිබඳව මට වගකීමක් තියෙනවා. ඒ නිසා මම අද මේ සාකච්ඡාවට සහභාගී වුණා. 

මම බියගම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ඩුලීප් විජේසේකර නියෝජ්‍ය අමාත්‍යතුමාවත් දුරකතනයෙන් සම්බන්ධ කරගන්න උත්සාහ කළා. නමුත් ඒක සාර්ථක වුණේ නැහැ. ඉතිං මම අද මෙතනට ආවම සමහරු චෝදනා කරනවා, මම එක්සත් ජාතික පක්ෂය දිනවන්න ආවා කියලා. 

මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙක්. මම කිසිවිටෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අසාධාරණයක් වෙන්න ඉඩ තියන්නේ නෑ. අද අපි ඉන්නේ සම්මුතිවාදී ආණ්ඩුවක. ඉතිං ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු එක රැස්වීමේ වාඩිවීමෙන් පක්ෂයටක අසාධාරණයක් වෙන්නේ නෑ. 

කැබිනට් එකේ අපිට එකට වාඩිවෙන්න පුළුවන්නම්, පළාත් පාලන ආයතනයක ප්‍රශ්න විසඳන්න එකට වාඩිවෙන්න බැරි ඇයි?" යනුවෙන් කියාසිටියේය. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පක්ෂ පාට බේදකින් තොරව සියළුදෙනා එක්වී මේ රට සංවර්ධනය කළ යුතු බවත් පළාත් පාලන ආයතන පාලනය කරන රාජ්‍ය නිලධාරීන්ට ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබාදිය යුතු බවත්ය.

මෙම අවස්ථාවට රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා, බියගම ප්‍රාදේශීය සභාවේ ලේකම් වසන්ති වික්‍රමරත්න මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad