කෝප් කමිටුව මත 2කට බෙදෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 21, 2016

කෝප් කමිටුව මත 2කට බෙදෙයි

කෝප් කමිටුව මත 2කට බෙදෙයි
මහා බැංකු සිද්ධිය සම්බන්ධයෙන් කෝප් කමිටුව පවත්වන විමර්ශනයේ වාර්තාව 25 වනදා එලි දැක්වීමට නියමිතය.

මෙම වාර්තාව පිළිබඳව අද (21) දිනයේදී අවසන් තීරණයක් ලබා ගැනීමට නියමිතව තිබුනද කෝප් කමිටු සාමාජිකයින් මත දෙකකට එළඹ සිටීම හේතුවෙන් අද දිනයේදීත් වාර්තාව අවසන් කිරීමට නොහැකි වූ බව වාර්තා වේ.

මෙම කෝප් කමිටු රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු 05 දෙනා මෙම වාර්තාවට විරෝධය පළකර ඇති අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් එයට පක්ෂයව අදහස් දක්වා තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජන කරන ආණ්ඩුවේ ඇමතිවරුන් සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් එකම මතයකට පැමිණ සිටීම මෙහිදී විශේෂ සිදුවීමක් වී ඇත. මේ අනුව දෙකට බෙදුණු කණ්ඩායම් දෙකට වෙන වෙනම වාර්තා 02ක් එළිදැක්වීමේ අවස්ථාව ඇති බවට අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad