ශ්‍රිලනිපයට ඉවසීමේ සීමාව පනීද? - ශාන් කියයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 29, 2016

ශ්‍රිලනිපයට ඉවසීමේ සීමාව පනීද? - ශාන් කියයි (VIDEO)

ශ්‍රිලනිපයට ඉවසීමේ සීමාව පනීද? - ශාන් කියයි (VIDEO)
ඒකාබද්ධ විපක්ෂය විසින් දියත් කළ ජන සටන පාද යාත්‍රාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමේ අරමුණින් සිදුකරන ක්‍රියාවක් බව දකුණු පළාත් මහ අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

මහ ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (28) ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. එහිදී අදහස් දැක්වූ ඒ මහතා,"අනාගතයේ දී ශ්‍රීලනිපයේ ඉතිහාසය ලියවෙනවිට ඔවුන් පක්ෂ ද්‍රෝහීන් හැටියටයි ඒ ඉතිහාසයට එක්වෙන්නේ. 

ශ්‍රීලනිපයේ වර්තමාන නායකයා හැටියට මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරනවා පක්ෂයක් හැටියට සැවොම එක්ව ගමනක් යන්න. ගමේ කතාවක් තියෙනවා ඉවසනවා, ඉවසනවා හැබැයි ඉවසීමේ සීමාව පැන්නම මොනදේ වෙයිද කියන්න බෑ කියලා. 

ඒ නිසා අතීතයේ සිදුවුණු දේවල් ආදර්ශයට අරගෙන ඉදිරි අනාගතයේ දී එවැන්නක් සිදු නොවේය කියලත් අපිට කියන්න පුළුවන් කමක් නෑ"යි කියාසිටියේය. ඒ අනුව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඉවසීමේ සීමාව ඉක්මවීමෙන් පසු ගනු ලබන තීරණ අවිනිශ්චිත වියහැකි බවයි.

වීඩියෝව පහතින්....

No comments:

Post a Comment

Post Bottom Ad