'රජය වාර්තාවක් පිහිටුවලා' - බන්දුලගෙන් හෙළිදරව්වක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 13, 2016

'රජය වාර්තාවක් පිහිටුවලා' - බන්දුලගෙන් හෙළිදරව්වක් (VIDEO)

'රජය වාර්තාවක් පිහිටුවලා' - බන්දුලගෙන් හෙළිදරව්වක් (VIDEO)
වත්මන් ආණ්ඩුව විසින් මෙරට ආර්ථිකය තුළ රුපියල පවත්වාගෙන යාමට අමෙරිකානු ඩොලර් බිලියන 4.1ක් යොදවා ඇති නිසා විවිධ කොන්දේසිවලට යටත්ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලබාගත් අමෙරිකානු බිලියන 1.5ක ණය මුදල මේ වනවිටත් වාෂ්ප වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශකළේ ඊයේ (12) ඒකාබද්ධ විපක්ෂය විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දක්වමිනි. 4.4%ක් යැයි කියූ අයවැය පරතරය 7.4ක් බවට පත්වීමෙන් 2015 වසරේ අයවැය ලේඛණය සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩුව මුදල් අච්චු ගැසීම 130%කින් වැඩි වී ඇති බවත් ඒ හේතුවෙන් ජනතාවගේ ජීවන වියදම 4.5%කින් වැඩිවී ඇති බවත් අකාර්යක්ෂම මූල්‍ය කළමණාකරණය නිසා ජාතිය සතු සංචිත අඩු වී ඇති බවත් දිනෙන් දින රුපියලෙහි අගය කඩා වැටෙමින් පවතින බවත් ගුණවර්ධන මහතා කියාසිටියේ ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියාසිටියේ, “ ඒ වගේම රජය වාර්තාවක් පිහිටුවලා කියෙනවා නිදහසින් පස්සේ ලංකා ඉතිහාසයේ ගිණි පොලියට වෙළඳපොළට ගිහිල්ලා වැඩිම විදේශ ණය ප්‍රමාණය ලබාගත් රජය බවට මේ මුදල් අමාත්‍යතුමා වාර්තාවක් පිහිටෙව්වා. “ බවයි.

ඔහු කළ සම්පූර්ණ කතාවේ වීඩියෝව පහතින්....

No comments:

Post a Comment

Post Bottom Ad