හිටපු සන්ධාන මන්ත්‍රීවරු පිරිසක් අමුතු උද්ඝෝෂණයක (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 14, 2016

හිටපු සන්ධාන මන්ත්‍රීවරු පිරිසක් අමුතු උද්ඝෝෂණයක (PHOTOS)

හිටපු සන්ධාන මන්ත්‍රීවරු පිරිසක් අමුතු උද්ඝෝෂණයක (PHOTOS)
විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතනවල මැතිවරණය පවත්වන ලෙස රජයට බලකරමින් අඹගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු සන්ධාන මන්ත්‍රී හෙලප්‍රිය නන්දරාජ මහතා සහ තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ගිනිගත්හේන බස් නැවතුම්පොළ ඉදිරිපිට අද (14) උදෑසන උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ.

මෙම උද්ඝෝෂණය සංවිධානය කළ හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රී හෙලප්‍රිය නන්දරාජ මහතා උද්ඝෝෂණය අතරතුර ඔලුවෙන් හිට ගනිමින් ප්‍රකාශකළේ පළාත් පාලන ආයතන විසුරුවා වැඩි කාලයක් මැතිවරණය නොපවැත්වීම හේතුවෙන් ජනතාව ගැටළු රාශියකට මුහුණ පා ඇති බවයි.

ඒ සම්බන්ධව අදහස් දක්වමින් ඔහු කියාසිටියේ පළාත් පාලන ආයතනවල සංවර්ධන කටයුතු පවත්නා තත්ත්වය මත සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බවත් පසුගියදා ඇතිවූ ආපදාවන් හේතුවෙන් විපතට පත් ජනතාවට පළාත් පාලන ආයතන විසුරැවා හැරීම නිසා ප්‍රශ්න රැසක් උද්ගත වූ බවත් ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසයි.

ඡායාරූප පහතින්....

හැටන් - රංජිත් රාජපක්ෂ

No comments:

Post a Comment

Post Bottom Ad