සකර්බර්ග් සමග google ලොක්කා ලංකාවට. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 13, 2016

සකර්බර්ග් සමග google ලොක්කා ලංකාවට.

facebook සමාගමේ විධායක අධ්‍යක්ෂ මාර්ක් සකර්බර්ග් සහ google සමාගමේ විධායක නිලධාරී සුන්දර් පිච්චෙ මේ වසරේ මෙරට සංචාරයක නිරත වීමට නියමිතව ඇත.

විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරුන්ගේ මැදිහත් වීම මත මෙම සංචාරය සිදු වේ. 


මෙරට තොරතුරු තාක්ෂණය සඳහා අවශ්‍ය දැනුම වර්ධනය කරමින් නව තාක්ෂණය රට තුළට ගෙන ඒමේ රජයේ ප‍්‍රතිපත්තිය සාක්ෂාත් කරගැනීමට සහාය ලබා ගැනීම මෙම සංචාරයේ අරමුණ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය කාලයේ ලොව ප‍්‍රථම වතාවට google බැලූන් ව්‍යාපෘතිය ද මෙරට අත්හදා බලනු ලැබීය. ඒ යටතේ ගූගල් ලූන් බැලූ‍ම් හරහා ශ‍්‍රී ලංකාවේ තිබෙන දුරකථන සමාගම්වල තරංග සම්පේ‍්‍රෂණය කිරීම සඳහා අවස්ථාව ලබා දීමටත් එමඟින් ශ‍්‍රී ලංකාව පුරාවට අන්තර්ජාල පහසුකම් අඩු මුදලක් යටතේ ලබා දීමත් අරමුණු විය.


කෙසේ වෙතත් facebook සහ google සමාගමේ ප‍්‍රධානීන්ගේ පැමිණීම හරහා ද මෙරට තොරතුරු තාක්ෂණික ක්ෂේත‍්‍රයේ නව පිබිදීමක් සිදු වෙනු ඇතැයි විශ්වාස කෙරේ.

No comments:

Post a Comment

Post Bottom Ad