FCIDය වෙනුවට නීත්‍යානුකූල නව ඒකකයක් එයි (VIDEO)   - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 14, 2016

FCIDය වෙනුවට නීත්‍යානුකූල නව ඒකකයක් එයි (VIDEO)  

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසුරුවා හරින්නේ නැති බව සමාජ සවිබල ගැන්වීම සහ සුබසාධන අමාත්‍ය එස්. බී දිසානායක මහතා පවසයි.

නමුත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වඩාත් නීත්‍යානුකූල කිරීම සඳහා නව පනතක් ගෙනවිත් ඇති බවත් ඒ පිළිබඳ සාකච්ඡා කර ඇති බවත් ඇමතිවරයා සඳහන් කළේය. එය ඉදිරි දිනයක කැබිනට් මණ්ඩලයට ගෙනෙන බවද එස්. බී දිසානායක අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

මේ අතර පසුගියදා මාතර ප්‍රදේශයේ පැවති උත්සවයකදී නතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසූවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසුරුවාහැරීමේ සූදානමක් පවතින බවත් තමත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කට උත්තරයක් ලබාදීම සඳහා ගිය අවස්ථාවේදී එහි නිලධාරීන් මේ බව තමන්ට පැමිණිලි කර සිටි බවත්ය.

ඒ අනුව මේ මස 30 වන දින වනවිට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිල කාලය අවසන්වීමට නියමිත බවත්, ඒ අයගේ හැඳුනුම්පත් අලුත් නොකරන ලෙස දැනුම්දී ඇතැයි ඔවුන් පවසන බවත් හදුන්නෙත්ති මහතා සඳහන් කළේය. පසුව ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසුරුවා හැරීම සම්බන්ධයෙන් පළ වන ප්‍රකාශ අසත්‍ය බවයි.

මේ අතර ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා ද සඳහන් කළේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අහෝසි කිරීම කිසිදු ලෙසකින්වත් සිදු නොකරන බවයි. කෙසේවෙතත් මේ මස අවසනයේදී පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය බල රහිත කර ඒ වෙනුවට නව පොලිස් ඒකකයක් ඇති කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව විසින් නීති කෙටුම්පත් කරමින් ඇතැයි වාර්තා වේ.

ඒ අනුව මේ වන විට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් පරීක්‍ෂණ පවත්වන සිදුවීම් සම්බන්ධ පරීක්‍ෂණ නව ඒකකය විසින් සිදු කිරීමට නියමිතය.

එම වීඩියෝව පහතින් නරඹන්න...

No comments:

Post a Comment

Post Bottom Ad