නැවත බලයට ඒමට නොව රටට අවශ්‍ය දේ ඉටු කරනවා - ජනපති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 14, 2016

නැවත බලයට ඒමට නොව රටට අවශ්‍ය දේ ඉටු කරනවා - ජනපති

නැවත බලයට ඒමට නොව රටට අවශ්‍ය දේ ඉටු කරනවා - ජනපති
නැවත බලයට ඒම සඳහා බලය තහවුරු කර ගැනීමට නොව රටට අවශ්‍ය දේ ඉටු කිරීමට කැපවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

වත්මන් රජයේ ජාත්‍යන්තර සබඳතා වැරදි ලෙස විග‍්‍රහ කරමින් ලෝකයේ බලවතුන්ට රට ආක‍්‍රමණය කිරීමට රජය ඉඩ දෙන බවට දේශපාලන ප‍්‍රතිවාදීන් කරන චෝදනා සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

“ගෝලීය කටයුතු තුළ ශී‍්‍ර ලංකාව - 2015 ජනවාරියේ සිට ගමන් මඟ“ මැයෙන් විද්වත් කතිකාවක් ඊයේ (13) පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වූණු අතර එහිදී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය. 

ජාත්‍යන්තර සබඳතා සවිමත් කර ගනිමින් රට ගොඩනැගීමට කටයුතු කරන බවද විදෙස් පිළිවෙතේ දී වත්මන් රජය අනුගමනය කරන්නේ ඉතා අවංක සහ විවෘත පිළිවෙතක් බවද පැවසූ ජනාධිපතිවරයා කිසිඳු සැඟවීමකීන් තොරව සෑම රාජ්‍යයක් සමඟම ඇති සබඳතා සවිමත් කර ගැනීම නව රජයේ ප‍්‍රතිපත්තිය බව ද කියා සිටියේය.

ජාත්‍යන්තරයේ කිසිදු රාජ්‍ය නායකයෙක් ආණ්ඩුවේ කටයුතුවලට බලපෑමක් හෝ නියෝගයක් සිදු කර නොමැති අතර එම සියලූදෙනාගේ පොදු අරමුණ වී ඇත්තේ ශී‍්‍ර ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස හා මානව හිමිකම් තහවුරුවනු දැකීම බව ද ජනාධිපතිවරයා පැවසීය.

සංහිඳියාවේ සහ යහපාලනයේ වටිනාකම් අපේ රටේ ඇතැමුන් තේරුම් නොගැනීම නිසා ගැටලූ මතුව තිබෙන බව ද පැවසූ ජනාධිපතිවරයා අපේ රටේ අනාගතය රඳා පවතින්නේ සංහිඳියාවේ සහ යහපාලනයේ වටිනාකම් යථාර්තවාදී කිරීම තුළ පමණක් බව සියලූදෙනා අවබෝධ කරගත යුතු බවද කියා සිටියේය.

විදේශ සම්බන්ධතා ක්ෂේත‍්‍රයෙහි ශී‍්‍ර ලංකාව ලබා ඇති සාර්ථකත්වය සමාලෝචනය කිරීමේ අරමුණින් මෙම විද්වත් කතිකාව සංවිධානය කර තිබුණි. මෙහි ප‍්‍රධාන දේශනය ඇම්ස්ටර්ඩෑම් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රාම් මානික්කලිංගම් මහතා විසින් සිදු කළ අතර ඉන් අනතුරුව පැවති සංවාද මණ්ඩපය විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්, තානාපති එච්.එම්.ජී.එස්. පලිහක්කාර මහතා විසින් මෙහයවීය. 

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප‍්‍රනාන්දු, මහාචාර්ය ජයදේව උයන්ගොඩ, ආචාර්ය දයාන් ජයතිලක යන මහත්වරුන් ඇතුළු විද්වත් පිරිසක් ඊට එක්ව සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad