සිරිසේනගේ ආඥා ගනන් ගන්න එපා -මංගල ජිනීවා හිදි සිරාගේ සරම ගලවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 30, 2016

සිරිසේනගේ ආඥා ගනන් ගන්න එපා -මංගල ජිනීවා හිදි සිරාගේ සරම ගලවයි

මානව හිමිකම් කඩවීම් පිළිබඳව ජාත්‍යන්තරයෙන් එල්ලවූ චෝදනා සම්බන්ධයෙන් ඇතිවන විමර්ශන කටයුතුවලදීත් එමෙන්ම එම අධිකරණ කටයුතුවලදීත් විදේශ විනිශ්චයකරුවන් මෙරටට ගෙන්වීම පිළිබඳ තමාගේ එකඟත්වයක්‌ නැතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනතාව හමුවේ ඇදබා ඇත්තේ තවත් කෙප්පයක් බව මේ වනවිට තහවුරු වි තිබේ.

එනම් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවාහිදී සම්මත කොටගෙන තිබෙන යෝජනාව සපුරා ඉටු ­කරන බවට ජගත් මානව හිමිකම් මණ්ඩලය හමුවේ සහතික වූ විදේශ අමාත්‍ය මංගල සමරවීර දෙමළ ඩයස්පෝරා නායකයන්ද සහභාගි වූ සභාවක් අමතමින් කියා සිටියේ යුද්ධයෙන් පීඩාවට පත් වුවන් සඳහා යුක්තිය ඉටු කිරීමට විදේශීය විනිශ්චයකාරවරුන් කැඳවා ගැනීමේ ඉඩකඩ බැහැර කොට නැති බවයි.

ඒ අනුව සිරිසේන යනු මේ රටේ ප්‍රාදේශිය සභාවක සභාපතිවරයෙකු තරම්වත් බලයක් නොමැති රටේ ජනතාව බොරුවෙන්ම මුලාකරනු ලබන නිකම්ම නිකන් රූකඩයක් බව මංගලගේ මේම ප්‍රකාශයෙන් තහවුරු වි තිබේ. 

ඉකුත් වසරේ ජිනීවා නුවරදී සම්මත කරගත් ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් නගා සිටුවීම,’ සඳහා වන යෝජනාවෙන් ඉල්ලා තිබුනේ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් විභාග කිරීමට ‘විශේෂ නීතිඥ වරයකුගේ කාර්යාලයක්, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ වෙනත් විදේශීය විනිසුරුවරුන්, විත්තියේ නීතිඥවරුන්, අභිචෝදකයන් සහ විමර්ශකයන්,’ ඇතුලත් ශ්‍රී ලාංකික අධිකරණ යාන්ත්‍රණයක් පිහිටුවන ලෙසයි.

ජනාධිපතිවරයා සහ අගමැති වරයා විනිසුරුවන් පිළිබඳව තිරකොට දක්වා ඇති එම මතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේත්, රටින් පිටතත් දෙමළ දේශපාලන නායකයන් සහ මානව හිමිකම් ක්‍රියාධාරින් ගේ සහභාගිත්වයෙන් ජිනීවා නුවර පැවති විශේෂ සාකච්ඡා සභාවකදී දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් විසින් මංගල සමරවීර අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කරන ලදී.

ජගත් සමුළුව ඇමතීමට පෙරදින පැවති සාකච්ඡා සභාවේදී මංගල සමරවීර අමාත්‍යවරයා පිළිතුරු වශයෙන් කියා සිටියේ රජය ඒ සම්බන්ධයෙන් තීන්දුවකට පැමිණ නැති බවයි. ‘ඒක අන්තිම ජනාධිපති ආඥාවක් නෙවෙයි,’ යනුවෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කොට සිටියේය.
ඒ අනුව සිරිසේන යනු කෙප්ප සුමනේ බව තවත් තහවුරු වේ.

රටේ ජනතාවට එකක් කියා ජාත්‍යන්තරය හමුවේ සුද්දා හමුවේ දෙකට නැමී රට බේරාගත් රණවිරුවන් සුද්දාගේ අධිකරණයක් හමුවට පමුණුවා බෙල්ලට තොණ්ඩුව දමන දිනය වැඩි ඇතක නොවන බව දැන්නම් ඉතාමත් පැහැදිලිය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙහෙයවූ ජාතික නීති සමුළුවේ සමාරම්භක අවස්‌ථාවට එක්‌වෙමින් ජනාධිපතිවරයා පසුගියදා (18 දා) වාද්දුව බ්ලූ වෝටර් හෝටලයේදී කේප්ප සුමනේ කී බොරුව…

මානව හිමිකම් කඩවීම් පිළිබඳව ජාත්‍යන්තරයෙන් එල්ලවූ චෝදනාවලට ඉදිරියේදී ඇතිවන විමර්ශන කටයුතුවලදීත් ඒ වගේම විමර්ශන කටයුතුවලින් පසුව යම් අධිකරණ කටයුතු සඳහා කිසිවිටෙකත් විදේශීය විනිශ්චයකාරවරුන් මේ රටට ගෙන්වීම පිළිබඳව මගේ එකඟත්වයක්‌ නැහැ.

මේ රටේ විනිශ්චයකාරවරු පිළිබඳව, අධිකරණය පිළිබඳව මගේ විශ්වාසයක්‌ තිබෙනවා. අප විසින් කළ යුත්තේ අධිකරණය අපක්‌ෂපාති කිරීම, ස්‌වාධීන කිරීම සහ ශක්‌තිමත් කිරීමත් කාර්යක්‌ෂම කිරීමත් කියන එකයි අපේ රජයේ ප්‍රතිපත්තිය වගේම මගේ පෞද්ගලික අදහස වන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad