ලාරා බය වුන හැටි ගේල් ස්වයං චරිතාපදානයෙන් හෙළි කරයි. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 13, 2016

ලාරා බය වුන හැටි ගේල් ස්වයං චරිතාපදානයෙන් හෙළි කරයි.

වසර 2005 දී දකුණු අප‍්‍රිකාවට එරෙහිව කි‍්‍රස් ගේල් ලකුණු 317ක් රැස් කළ මොහොතේ බ‍්‍රයන් ලාරා වරින් වර ලකුණු පුවරුව දෙස බලමින් ඔහු තමාගේ ලෝක වාර්තාව අභියසට සමීප වේවිදැයි කනස්සල්ලෙන් පසුවූ බව කි‍්‍රස් ගේල්ගේ ස්වයං චරිතාපදානයෙන් අනාවරණය වෙයි.

‘සමහර කී‍්‍රඩකයන් වාර්තා ගැන සැලකිලිමත් වෙනවා. එදා තරගයේ දී ලාරා ලකුණු 4කට දැවීයාමෙන් පසුව කී‍්‍රඩකයන්ගේ විවේකාගාරයට වී පොතක් කියවමිනුයි සිටියේ. අතරින් පතර ඔහු බැල්කනියට ගිහින් ලකුණු පුවරුව බලන්න ගත්තා. අනතුරුව යළි විවේකාගාරයට වැදුණා. සර්වාන් (රාම්නරේෂ්) ඔහු දිහා ඇහැ ගහගෙනයි හිටියේ.


මොකද ඔහු පුදුම වෙලයි හිටියේ, බ‍්‍රයන් පිටතට ඇවිත් සැරින් සැරේ මගේ ලකුණු සංඛ්‍යාව පරික්ෂා කරලා මම එයාගේ වාර්තාවට ළංවෙන බව පෙනෙද්දී ඔහුගේ මුහුණ එන්න එන්නම කළු වුණා. ‘සික්ස් මැෂින්- අයි ඩෝන්ට් ලයික් කි‍්‍රකට්…අයි ලව් ඉට්‘ ලෙසින් නම් කරන ලද ස්වයං චරිතාපදාන කෘතියෙන් කි‍්‍රස් ගේල් හෙළිදරවු කළේය.


‘මම දිවා ආහාරයටත්, පස්සේ හවස තේ බොන්නත් විවේකාගාරයට ආවම ඔහු මට කිසිම දෙයක් කිව්වෙ නෑ. අඩුම තරමින් උපදේශයක්වත්..දිගටම වැඬේ කරගෙන යන්න කියලවත්….කණ්ඩායම වෙනුවෙන් ඒක කරන්න කියලවත්…කිසිම දෙයක් කිව්වෙ නෑ. මම ආපහු පිටියට ගියාම බ‍්‍රයන් නැවත වතාවක් ඇතුළට ගිහින් පොත කියවන ගමන් සැරින් සැරේ කණගාටුවෙන් ලකුණු පුවරුව බලන්න පටන් ගත්තා.


එදා තරගයේ දී ගේල් ලකුණු 317කට දැවී ගියේ ඊට පෙර වසරේ දී එංගලන්තයට එරෙහිව ලාරා නොදැවී රැස් කළ විස්මිත ලකුණු 400 වෙත යන අතරවාරයේදීය. අනතුරුව 2010 වසරේ දී ගේල් නැවත වතාවක් ති‍්‍රත්ව ශතකයක් කරා ගියේ ශී‍්‍ර ලංකාවට එරෙහිව ලකුණු 333ක් වාර්තා කරමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad