එජාපය අර්ජුන් සටනින් දෙකට බෙදේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 14, 2016

එජාපය අර්ජුන් සටනින් දෙකට බෙදේ

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඉවත් කිරිමේ සටනේ එක්සත් ජාතික පක්ෂය කදවුරු දෙකකට බේදිම හේතුවෙන් ඒජාප අර්බුදය යලිත් මතුපිටට පැමිණ ඇති බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා. 

සජිත් පිළේ න්‍යායාචාර්‍ය ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක ජනාධිපති මන්දිරයේ සිට ඔහු විසින් අටවනු ලැබු දුෂණ විරෝධි පෙරමුණ නැමති රාජ්‍ය නොවන සංවිධානය භාවිතා කරමින් අර්ජුන් මහේන්ද්‍රන් ඉවත් කිරිම සදහා මෙහෙයුමක් දියත් කර ඇති අතර අර්ජුන් ආරක්ෂා කර ගැනිම සදහා රනිල්ගේ පිළ අරලියගහ මන්දිරයේ සිට වෙනම මෙහෙයුමක් අරබා ඇති බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.

ශිරාල් ලක්තිලකගේ අර්ජුන් විරෝධී සටනට රාජා මහෙන්ද්‍රන් හෙවත් කිලී මහාරාජා හෙවත් කල්ලතොනී කිලී මහරාජාගේද සහය ලැබි ඇති අතර ඊට ප්‍රධානම හේතුව වි ඇත්තේ එජාපය තුල යලිත් අර්බුදයක් ඇති කිරිමට මෙම ගැටුම ඉතා පහසුවෙන්ම භාවිතා කර ගැනිමට හැකි විම බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.

ශිරාල් ලක්තිලකගේ අර්ජුන් විරෝධී කණ්ඩායම හෙට අර්ජුන් විරෝධී පාගමනක් සංවිධානය කර ඇති අතර බොහෝවිට එම උද්ඝෝෂණය ඉලක්ක කර පොලිස් ප්‍රහාරයක්ද එල්ල කිරිමට ඉඅඩකඩ තිබේන බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.

මේ අතර මේ මස 30 වන දින සිට ධුර කාලය අවසන් වන මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ස්ථිර වශයෙන්ම තව දුරටත් එම ධුරයේ කටයුතු කරන බව සභානායක ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතාද තහවුරු කර සිටි අතර කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ මහ බැංකු අධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිවැරදි පුද්ගලයෙකු ලෙස තීරණය කර ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad