ජයගහ්‍රණය සඳහා ශී‍්‍ර ලංකා පිලට තවත් ලකුණු 330 ක් අවශ්‍යයි. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 13, 2016

ජයගහ්‍රණය සඳහා ශී‍්‍ර ලංකා පිලට තවත් ලකුණු 330 ක් අවශ්‍යයි.

ලෝඩ්ස් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගය ජය ගැනීමට සිව්වන දිනය වු ඊයේ (12) ලකුණු 362 ක ඉලක්කයත් එංගලන්ත කණ්ඩායම ශී‍්‍ර ලංකා කණ්ඩායමට ලබා දුන්හ.

ටෙස්ට් තරගවලියේ මේ වන විට තරග 2-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටින එංගලන්ත පිල තරගයේ සිවුවැනි දිනය වන ඊයේ (12 වැනිදා) තේ පානයෙන් මඳ වේලාවකට පසුව, කඩුලූ 7 ක් දැවී ලකුණු 233 ක් ලබා සිටියදී සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.


මුල් ඉනිමේදී ලකුණු 128 ක අවාසියත් සමග දෙවැනි ඉනිම ඇරඹූ ශී‍්‍ර ලංකා පිලට තරගය ජයගැනීම සඳහා  ඕවර 110 කදී ලකුණු 362 ක් ලබාගත යුතුව තිබේ. එ අනුව ඊයේ (12) දිනය නිමාවන විට කිසිවකු කඩුල්ලක නොදැවී ලකුනු 32 ක් ලබා සිටි ශී‍්‍ර ලංකා පිලට ලකුණු 330 ලබාගැනීම සඳහා තවත්  ඕවර 98 ක් ඉතිරිව තිබේ.


සිව්වන දිනය වු ඊයේ පෙරවරුවේදී පැවැති වර්ෂාව නිසා දිවා ආහාරයට පෙර තරග කාලය සම්පූර්ණයෙන්ම අහිමි විය.

No comments:

Post a Comment

Post Bottom Ad