මෙරට IS ත්‍රස්තයන් ගැන බුද්ධි අංශ හෙළිදරව්ව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 13, 2016

මෙරට IS ත්‍රස්තයන් ගැන බුද්ධි අංශ හෙළිදරව්ව

මෙරට IS ත්‍රස්තයන් ගැන බුද්ධි අංශ හෙළිදරව්ව
ශ්‍රී ලංකාවේ IS ක්‍රියාකාරීන් 43 ක්‌ සිරියාවට ගිය බවට මෙරට බුද්ධි අංශ සොයාගෙන තිබෙන බවට වාර්තා වේ.

එමෙන්ම කොළඹ, කොළොන්නාව, මහනුවර ඇතුළු ප්‍රදේශ කීපයක IS ත්‍රස්‌තවාදයට සම්බන්ධ වූවන් සිටින බව ද බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති බව පැවසේ.

මොවුනගෙන් ඇතැමුන් ශර්යා නීතිය ඉගැන්වීමට ද කටයුතු කරන බව වාර්තා වී ඇත. ඊයේ දින ද (12) ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පාසලක අන්තවාදී ක්‍රියාවන් පිළිබඳ දේශන පැවැත්වුණ බව පැවසේ.

IS ත්‍රස්‌තවාදය අග්නිදිග ආසියාව වෙත ව්‍යාප්ත වන බව ඊයේ (12) විශේෂ වාර්තාවක්‌ ප්‍රකාශයට පත් කරමින් එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මහතා ද අනතුරු අඟවා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad