අගමැති හීනෙන් පෙළෙන අය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 29, 2015

අගමැති හීනෙන් පෙළෙන අය

4040

අලි පාටියෙ ඇමැතිවරු අතරින් කටකාර ඇමැති කෙනෙක් පසුගියදා ටිකක් සද්දෙට කට ඇරිය…ආණ්ඩුව ‍හෙවණෙ ඉඳගෙන ආණ්ඩුවටම බාල්දි පෙරළන ලොකු ලොක්කන් ගැනයි මුන්නැහේ කතා කළේ.

මෙයා කියන විදියට ආණ්ඩුවෙ ඉන්න දෙතුන් දෙනකුට අගමැති හීනයක් පෙනිලලු. මේ හීනෙ හැබෑ කරගන්න යහපාලන ආණ්ඩුවට වළ කපන්න ලෑස්ති වෙන අයට ඒ වැඩ නවත්වන්න කියල කටකාර ඇමැතිතුමා “සුහද කොකා” පෙන්නල තිබුණ…

මුන්නැහේගෙ මේ කතාව අහපු ආණ්ඩුවෙම තවත් ඇමැතිල දෙතුන් දෙනෙක් කිව්වලු හරියටම අගමැති හීනෙ පෙනෙන තුන් දෙනෙක් දැන් සීන් එකට ඇවිල්ල ඉන්න බව. ඒත් මේ තුන්කට්ටුවගෙ හීනෙ සැබෑ කරගන්න මේ කපේදි නම් බැහැ කියල උන්නැහේල කැට තිබ්බලු.

මේ කතාබහ වුණේ කොළඹ තරු පහේ හෝටලේකදි කියලත් කියැවෙනවා.

The post අගමැති හීනෙන් පෙළෙන අය appeared first on Gossip - AsianMirror.lk.

No comments:

Post a Comment

Post Bottom Ad