පියාගේ ඝාතකයන් නීතිය ඉදිරියට ගෙනෙන තුරු හිරුණිකාට නින්ද නොයයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 22, 2015

පියාගේ ඝාතකයන් නීතිය ඉදිරියට ගෙනෙන තුරු හිරුණිකාට නින්ද නොයයි

තමා නිවරදි බව තමා දන්නා බවත්,ඒ නිසා කාටවත් යටවෙන්නේ නැති බවත් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වා මහතා පවසයි.
සාක්ෂියක් නොමැතිව තමාට චෝදනා එල්ලවී ඇති බවත්,මාධ්‍ය සංදර්ශන තුළින් මේවන විට කරමින් සිටින්නේ මෙම නඩුව තවදුරටත් ඉදිරියට ගෙනයාම බවත් මන්ත්‍රීවරයා කියා සිටියේ අද(22) කොළඹ මහාධිකරණය ඉදිරිපිටදීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම ජනාධිපති වෘත්තී සමිති උපදේශකවරයෙකු වූ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු  සිව්දෙනකු 2011 ඔක්තෝම්බර් 08 වැනිදා සවස කොළොන්නාවේ සිදුවූ වෙඩි තැබීමකින් ඝාතනය වූ අතර ඊට අදාළව මන්ත්‍රී දුමින්ද සිල්වාටද චෝදනා එල්ලවී තිබේ.

මේ අතර නඩු විභාගයට පැමිණි බස්නාහිර පළාත් මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය කියා සිටියේ වසර 3 ක් තිස්සේ නඩුව විභාගවෙමින් පවතින බැවින් මේ කටයුත්ත අතහැර ඇත්දැයි ඇතැමුන් තමාගෙන් විමසන බවයි.

එසේ වුවද මෙම නඩුව මහාධිකරණය හමුවට ගෙන ඒමට හැකිවීමම ජයග්‍රහණයක් ලෙස සලකන බවත්,පසුගිය පාලන සමයේ මහාධිකරණයට තියා නඩුව ගැනවත් තමාට විශ්වාසයක් නොතිබුණු බව ඇය සඳහන් කළාය.

කෙදිනක හෝ තම පියාගේ ඝාතකයින්ට දඬුවම් ලැබුණුදාට මිස තමාට සුවසේ නිදාගත නොහැකි බවත් ඇය අවධාරණය කළාය. නඩු විභාගය ජූනි  මස 11 දාට යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය නියෝග කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad