විකෘති කොඩියක් මගේ අතෙත් තිබුණා - ගම්මන්පිල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 24, 2015

විකෘති කොඩියක් මගේ අතෙත් තිබුණා - ගම්මන්පිල

විකෘති කොඩියක් මගේ අතෙත් තිබුණා - ගම්මන්පිල

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපිට පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයේදී විකෘති කරන ලද ජාතික කොඩි තමාද අතදරා සිටි බව පිවිතුරු හෙළඋරුමයේ ප්‍රධාන ලේකම්,බස්නාහිර පළාත් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉකුත් 23 වන දින අල්ලස් කොමිසම අසළ පැවති උද්ඝෝෂණයට විකෘති කරන ලද ජාතික කොඩි යම් පිරිසක් විසින් ගෙනවිත් තිබුණු බවත්,එම කොඩියේම කුඩා කොඩි රැසක් පෙළපාලිකරුවන් අතර බෙදාදුන් බවත් ඔහු පවසයි.

ඒ සැබෑ ජාතික කොඩිය යයි තමා අවංකවම විශ්වාස කරනු ලැබූ බව ගම්මන්පිල මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. එසේ වුවද ජනමාධ්‍ය හරහා ආරාධනා කර පොදු ස්ථානයක පැවැත්වෙන විරෝධතාවයකට පැමිණෙන පිරිස් පිළිබඳ සංවිධායකයින්ට පූර්ණ වගකීමක් ගත නොහැකි බව ද ඔහු කියා සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad