සමස්ථ පොලිස් නිලධාරීන්ට මාර්ග නීති ක්‍රියාත්මක කිරීමේ බලය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 25, 2015

සමස්ථ පොලිස් නිලධාරීන්ට මාර්ග නීති ක්‍රියාත්මක කිරීමේ බලය

සමස්ථ පොලිස් නිලධාරීන්ට මාර්ග නීති ක්‍රියාත්මක කිරීමේ බලය

මාර්ග නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය  සියළු  පොලිස් නිලධාරින්ට ලබාදෙන බව මහජන සාමය පිළිබඳ අමාත්‍යාංශය පවසයි. දැනට මාර්ග නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ඇත්තේ රථවාහන රාජකාරියේ නියුතු පොලිස් නිලධාරින්ට පමණය.

මේ පිළිබඳ පොලිස්පතිවරයා සමග ද සාකච්ඡා කර එකඟතාවයකට පැමිණ ඇති බවයි මහජන සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ටී.එම්.කේ.බී දිසානායක මහතා ප්‍රකාශ කළේය. මාර්ග තදබදය අවම කිරීම සඳහා පංචවිධ ක්‍රමවේදයක් හඳුන්වාදීමට ද පියවර ගෙන ඇත. මෙම ක්‍රමවේදයට,  ත්‍රිරෝද රථ සහ යතුරුපැදි මාර්ගයේ වම් පැත්තෙන් පමණක් ගමන් කිරීම මෙන්ම වම් පැත්තෙන් තවත් වාහනයක් පසුකර යාමට ඉඩ නොදීම අන්තර්ගතය.

එසේම වාහන දෙකකට එකවර තවත් වාහනයක් පසුකර යාමට ඉඩ නොදීම, වාහන නවතා තැබීමේදී මංතීරු අවහිර නොකිරීම සහ මගී ප්‍රවාහන බස් රථ බස් නැවතුමේ පමණක් නැවැත්වීම ද ඊට ඇතුළත් වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad