පකිස්ථානයේ පළමු කාන්තා ත්‍රීවීලර් රියදුරා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 10, 2015

පකිස්ථානයේ පළමු කාන්තා ත්‍රීවීලර් රියදුරා

පකිස්ථානයේ පරිසරවේදිනිවක වන සාර් අස්ලාම්  කාන්තාවන් සඳහා පමණක් වෙන්වූ ත්‍රීවීලර් සේවාවක් ආරම්භ කර ඇති බව වාර්තාවේ.

පකිස්ථානයේ පළමු කාන්තා ත්‍රීවීලර් රියදුරා  වන සාර්  එරට පරිසර ආරක්ෂණ අරමුදලේ සභාපතිනිය ලෙසද කටයුතු කරයි.

ඇය පාසල් යන සමයේ පිිරිමි ත්‍රීවීලර් රියදුරෙකු ඇයව පැහැර ලෙන යාමට උත්සාහ කර ඇති අතර මෙවැනි කරදර වලින් හෙම්බත් වූ ඇය මෙම සේවාව ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ලාහෝර් නුවර වෙස‍ෙන සාර් රොයිටර් පුවත් සේවයට මේ පිළිබඳ අදහස් දක්වමින් පවසා ඇත්තේ මෙය කාන්තාවන් මූල්‍යමය වශයෙන් සහ වෘත්තිමය වශයෙන් බලාත්මක කිරීම සඳහා ගත් තවත් පියවරක් බවයි.

'පින්ක් රික්ෂෝ' ලෙස ඇය මෙම සේවාව නම් කර ඇති අතර මේ වන විට ඇය සතුව ඇත්තේ එක් ත්‍රීවීලර් රථයක් පමණයි.

No comments:

Post a Comment

Post Bottom Ad