දෙමළ, මුස්ලිම් අය සමඟ මගේ හොර ගිවිසුමක් නෑ.. එසේ කියූ අයට හිරබත් කන්නත් වුණා… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 6, 2015

දෙමළ, මුස්ලිම් අය සමඟ මගේ හොර ගිවිසුමක් නෑ.. එසේ කියූ අයට හිරබත් කන්නත් වුණා…

තමන් කිසිම හොර ගිවිසුමක් නොගැසූ බවත් එසේ කියූ අයට හිරබත් කන්නට වූ බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ඔහු මෙසේ කියා සිටියේ ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් මහලේකම් කාර්යාල ශ‍්‍රවණාගාරයේදී පැවති නැගෙනහිර පළාත් සම්බන්ධීකරණ කමිටුව අමතමිනි.

‘ජනාධිපතිවරණ සමයේ මා දෙමළ මුස්ලිම් සංවිධාන  සමග රහස් ගිවිසුම් ගැහුවයි කිවුවා.  කිසිම හොර ගිවිසුමක් ඔප්පු වුණේ නෑ.  ගිවිසුම් තිබුණේ අපේ හදවත් වලයි.  ඒ මානුෂික භාවය ආදරය සෙනහස.

හොර ගිවිසුම් නිසා සමහර අයට හිරබත් කන්නත් වුණා.  අද මා ඒකට කනගාටු  වෙනවා.  උතුරේ කළ සංචාරයේදී රහසේ ඉදිවූ ජනාධිපති මාලිගාවක් මා දුටුවා.  එහි වැඩ 90‍ක් ඉවරයි. 

වැඬේ ඉවර වනවිට කෝටි 250ක් යනවා. මා එහි පදිංචියට යනෙනෙ නෑ.  මම ඒක ජනතාව සතුකරන්න තීරණය කළා’ යයිද ඔහු එහිදී වැඩිදුරටත් කීය.

No comments:

Post a Comment

Post Bottom Ad