සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 13, 2014

සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය වාර්ෂිකව සංවිධානය කර පවත්වනු ලබන සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීමේ වැඩසටහනේ දිස්ත්‍රික් ඇගයීම් කටයුතු 16දා දිවයින පුරා මධ්‍යස්ථාන 22ක දී පැවැත්වේ.

පළමු අදියර වන ප්‍රාදේශීය සිසු නිපුණතා ඇගයීම් වැඩසටහන සැප්තැම්බර් 21 සහ 28 දෙදින පවත්වා එම ඇගයීම්වලින් පළමු ස්ථාන ලබාගත් දහම් පාසල් දරු දැරියන් 12441ක් මෙම දිස්ත්‍රික් ඇගයීම් සඳහා සුදුසුකම් ලබා ඇත. 

දිස්ත්‍රික් ශාසනාරක්ෂණ බලමණ්ඩලවල ලේඛකාධිකාරී සහ සභාපති ස්වාමීන් වහන්සේ, දිස්ත්‍රික් ලේකම්වරු, දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් මෙම ඇගයීම් වැඩසටහන දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කරනු ලබයි.

මෙම ඇගයීම් යටතේ දහම් දැනුම, ගද්‍ය රචනා, පාලි ගාථා ගායනා, පද්‍ය හා ගාථා ගායනා, කථික, බෞද්ධ චිත්‍ර, ප්‍රායෝගික දැනුම ආදී වශයෙන් නිපුණතා ඇගයීම් 39ක් පවත්වන අතර මෙහිදී දිස්ත්‍රික් මට්ටමින් පළමු ස්ථාන හිමිකරගන්නා දරුදැරියන් 858ක් දෙසැම්බර් 27දින කළුතර පැවැත්වෙන සමස්ත ලංකා සිසු නිපුණතා ඇගයීම් සඳහා සුදුසුකම් ලබති.

– News.lk

No comments:

Post a Comment

Post Bottom Ad