මෙවර ශ‍්‍රී පාද වන්දනා සමය විදෙස් කුමන්ත‍්‍රණවලින් රට බේරා ගන්නයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 30, 2014

මෙවර ශ‍්‍රී පාද වන්දනා සමය විදෙස් කුමන්ත‍්‍රණවලින් රට බේරා ගන්නයි

මෙවර ශ‍්‍රී පාද වන්දනා වාරය විජාතික කුමන්ත‍්‍රණ පරදා රට බේරා ගැනීමට හේතුවේවායි ප‍්‍රාර්ථනා කරන බවත් ඒ සදහා සියලූ දෙනා එක්ව ක‍්‍රියා කරන ලෙස ඉල්ලා සිටින බවත් ශ‍්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් ප‍්‍රකාශ කරති.

උන් වහන්සේ මෙසේ සදහන් කලේ ශ‍්‍රී පාද වන්දනා වාරය ආරම්භ කිරීම නිමිත්තෙන් රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්ලාය ශ‍්‍රවණාගාරයේ පැවති උත්සවයක් අමතමිනි.

ධම්මදින්න නාහිමියෝ මෙසේද කීහ.

‘මෙවර ශ‍්‍රී පාද වන්දනා සමය දෙසැම්බර් 6 වෙනි දිනෙන් ආරම්භ වී 2015 මැයි මස පහළොස්වැනි දිනෙන් අවසන්  වෙනවා.  

දේව ප‍්‍රතිමාව හා දේවාභරණ වැඩමවීමේ රිය පෙරෙහැර දෙසැම්බර 5 වෙනි දින පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා ව්හාරයෙහ් ආරම්භ කිරීමට සියලූ කටයුතු සූදානම් කරලා තියෙනවා.  ඒ සදහා පැමිණ සිටින සියලූ දෙනාගේම සහාය් අවශ්‍යයි’

No comments:

Post a Comment

Post Bottom Ad