එදා ජාතියේ මුර දේවතාවරු අද දේශපාලන අතකොළු වෙලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 30, 2014

එදා ජාතියේ මුර දේවතාවරු අද දේශපාලන අතකොළු වෙලා

http://ift.tt/eA8V8J

අනාදිමත් කාලයක සිට ජාතියේ මුර දේවතාවන් යයි පිදුම් ලැබූ මහා සඟරුවන අද දේශපාලන පක්ෂ වල අතකොළු බවට පත්වීම සංවේගජනක සිද්ධියක් බව ලංකා ජාතික සංඝ සභාවේ සංවිධායක ලේකම් හා ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවසූහ.

කොළඹ පදනම් ආයතනයේදී මාධ්‍ය අමතමින් අභයතිස්ස හිමියෝ මෙසේද කීය.

‘මේ රට අභ්‍යන්තරයේ දීර්ඝ කාලයක සිට පැවත එන ආගමික සාමාජික දේශපාලනික හා සංස්කෘතික අරුමයන් සෝදාපාළුවට ලක්වූවා.එදා භික්ෂූන් වහන්සේලාගේ කර මතින් උර මතින් ආරක්ෂා කළ රට ජාතිය ආගම අද ඇල්මැරුණු ස්වරූපයක් දක්නට ලැබෙනවා.

දලෙයි ලාමා තුමා මේ රටේ භික්ෂූන් සිංහල බෞද්ධයන් ත‍්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස ලෝකය හමුවේ පෙන්වා දුන්නා.ඒ වෙනුවෙන් එය නිවැරදි කිරීම සදහා වගකිව යුතු කිසිම කෙනෙකු ප‍්‍රකාශයක් නිකුත් කළේ නෑ.

සිංහල ජාතියත් බුද්ධාගමත් ආරක්ෂා කරන බවට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ වගන්තියට පමණක් සීමා වෙලා’



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad